Watch : හයේ පහරෙන් පසු භානුක දුවද්දී දැවී ගිය හැටි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයේ දී පංජාබ් කිංග්ස් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ අද(3) අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට ගොදුරු වුණා.

මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගයේ දී පංජාබ් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි පංජාබ් කණ්ඩායමට මෙම තරගයේ දී ද සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

ඒ, නායක මයාන්ක් අගාර්වල් ලකුණු 4කට දවා ගැනීමට Mukesh Choudhary සමත් වීම හේතුවෙන්.

අනතුරුව පිටියට පිවිසි භානුක රාජපක්ෂ අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වුණේ පන්දු 5කින් ලකුණු 9ක් ලබා සිටියදීයි.

ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් ද ඇතුළත්.

හයේ පහරේ දර්ශන හා දුවද්දී දැවීයාමේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...