පළමු ටෙස්ට් තරගය ජය ගන්න බංග්ලාදේශය ලකුණු 263ක් පිටුපසින්

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද(3) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු දකුණු අප්‍රිකාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 274ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලබා සිටියේ ලකුණු 11ක් පමණයි.

මහ්මුදුල් හසාන් ජෝයි ලකුණු 4කටත්, ශඩ්මන් ඉස්ලාම් ලකුණු නොලබාත්, නායක මොමිනුල් හක් ලකුණු දෙකකටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී කේෂාව් මහරාජ් කඩුලු 2ක් හා සයිමන් හාර්මර් එක් කඩුල්ලක් දවා ගත්තා.

ඒ අනුව බංග්ලාදේශය තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 263ක් ලබා ගත යුතුයි.

අද දිනට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 6ක් ලබා සිටියා. ඔවුන්ගේ දෙවැනි ඉනිම ලකුණු 204කට සීමා වුණා.

නායක ඩීල් එල්ගර් ලකුණු 64ක් හා Ryan Rickelton නොදැවී ලකුණු 39ක් රැස් කළා. පන්දු යැවීමේ දී මෙහිදි හසාන් මිරාස් හා එබඩොට් හොසේන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

ඩර්බන් හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 367ක් රැස් කළා. ටෙම්බා බවුමා ලකුණු 93යි. පන්දු යැවීමේ දි කලෙඩ් අහ්මඩ් කඩුලු 4ක් හා මෙහිදි හසාන් මිරාස් කඩුලු 3ක් බිද හෙලුවා.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 298කට සීමා කිරීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් සමත් වුණා. සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ මහ්මුදුල් හසාන් ජොයි ලකුණු 137ක් රැස් කළා. පන්දු යැවීමේ දී සයිමන් හාර්මර් කඩුලු 4ක් හා ලිසාද් විලියම්ස් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...