යුනිස් ඛාන් හා උමාර් ගුල්ට ඇෆ්ඝනිස්තානයෙන් තනතුරු

Date:

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක පුහුණුකරු ලෙස පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක යුනිස් ඛාන් හා පන්දු යැවීමේ උපදේශක පුහුණුකරු ලෙස පාකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක උමාර් ගුල් පත් කර තිබෙනවා.

දින 15ක කාලයක් සදහා පමණක් කෙටි කාලීන කොන්ත්‍රාත්තුවක් ඔවුන් සමග අත්සත් තබා ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

යුනිස් ඛාන් හා උමාර් ගුල් අබුඩාබි හී දී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමග එක්ව කටයුතු කරනු ඇති.

මේ වන විට ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අබුඩාබි හී දී පුහුණු කදවුරකට එක්ව සිටිනවා.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ඉදිරි ජාත්‍යන්තර තරගාවලි අරමුණු කර ගනිමිනුයි එම පුහුණු කදවුර සංවිධාන කර ඇත්තේ.

ඇෆ්ඝනිස්තානයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ග්‍රැහැම් තෝර්ප් පත් කිරීමට ද එරට ක්‍රිකට් ආයතනය පසුගියදා කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...