ලෝක වාර්තා මැද 7 වැනි වරටත් කාන්තා ලෝක ක්‍රිකට් ශූරතාවය ඔස්ට්‍රේලියාවට

Date:

7 වැනි වරටත් කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියක ශූරතාවය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අද(3) සමත් වුණා.

ඒ, නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි පැවැති අවසන් මහා තරගයේ දී එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 71කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායිකා හේදර් නයිට් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් අදාළ තීරණයට ප්‍රබල ප්‍රතිචාරයක් දැක් වූයේ නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 356ක් ලබා ගනිමින්.

ඇලීසා හීලි පන්දු 138කින් වේගවත් ලකුණු 170ක් වාර්තා කිරීම කැපී පෙනුණා. ඇයගේ ඉනිමට හතරේ පහරවල් 26ක් ඇතුළත්. ඇය වාර්තා කළ ලකුණු 170 ඉතිහාසයට එක් වුණේ කාන්තා හෝ පිරිමි ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයේ දී වාර්තා වූ ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 2007 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 149ක් වාර්තා කළ ඇඩම් ගිල්ක්‍රිස්ට්.

ඇලීසා හීලි අවසන් පූර්ව තරගයේ දී ද ශතකයක් (129) වාර්තා කිරීමට සමත් වුණා. මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ඇය ඉනිම් 9ක් තුළ වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 509ක්. එය වාර්තා අතරට එක්ව ඇත්තේ කාන්තා ලෝක කුසලාන තරගාවලියක දී ක්‍රීඩිකාවක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

Rachael Haynes ලකුණු 68(93)ක් ද, බෙත් මූනි ලකුණු 62(47)ක් ද වාර්තා කරමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී Anya Shrubsole ලකුණු 46කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 43.4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 285ක් පමණයි.

Nat Sciver පන්දු 121කින් නොදැවී ලකුණු 148ක් රැස් කරමින් හුදෙකලා සටනක නිරත වුණා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 15ක් සමගින්.

කෙසේ වෙතත්, සෙසු පිතිකාරිණියන්ගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් නොලැබුණු බැවින් එංගලන්තයට මෙවර ලෝක ශූරයින් වීමේ අවස්ථාව අහිමි වී ගියා.

Alana King හා Jess Jonassen කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...