මහ්මුදුල් හසාන්ගේ ශතකය පසෙකලා දකුණු අප්‍රිකාව ලකුණු 75ක් ඉදිරියෙන්

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(2) නිමා වුණේ දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිමේ දී ලකුණු 75ක් ඉදිරියෙන් පසු වෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 6ක් ලබා සිටියා.

ඩර්බන් හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 367ක් රැස් කළා. ටෙම්බා බවුමා ලකුණු 93යි. පන්දු යැවීමේ දි කලෙඩ් අහ්මඩ් කඩුලු 4ක් හා මෙහිදි හසාන් මිරාස් කඩුලු 3ක් බිද හෙලුවා.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 298කට සීමා කිරීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් සමත් වුණා.

සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ මහ්මුදුල් හසාන් ජොයි ලකුණු 137ක් රැස් කළා. ලිටොන් දාස් ලකුණු 41යි.

පන්දු යැවීමේ දී සිමොන් හාර්මර් කඩුලු 4ක් හා ලිසාද් විලියම්ස් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...