බට්ලර්ගේ ශතකය හමුවේ මහේලගේ මුම්බායි පිල සංගාගේ රාජස්ථානයට පරදියි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන් ද පරාජයට පත් වීමට මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අද(2) සිදු වුණා.

ඒ, තරගාවලියේ 9 වැනි තරගයෙන් කුමාර් සංගක්කාරගේ පුහුණුකාරීත්වයෙන් යුත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හමුවේ ලකුණු 23කින් පරාජය වීමත් සමගයි.

මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 193ක් ලබා ගත්තා.

ඒ, ජොස් බට්ලර් වාර්තා කළ සුපිරි ශතකයෙන් ශක්තිමත් වෙමින්.

ඔහු පන්දු 68කින් ලකුණු 100ක් ලබා සිටියදී දැවී ගියේ ජස්ප්‍රිට් බුම්රාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 11ක් ඇතුළත්.

ශිම්රන් හෙට්මයර් ලකුණු 35(14)ක් ද, සංජු සැම්සන් ලකුණු 30(21)ක් ද රැස් කළ නමුත් සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා හා ටිමාල් මිල්ස් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 170ක් පමණයි.

ඉෂාන් කිෂන් පන්දු 43කින් ලකුණු 54ක් රැස් කළ අතර, තිලක් වර්මා ලකුණු 61ක් වාර්තා කළේ පන්දු 33කට පමණක් මුහුණ දෙමින්. වර්මාගේ ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 3ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී නව්දීප් සයිනි හා යුස්වේන්ද්‍ර චහල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ද සමත්ව සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...