Watch : ජොස් බට්ලර් එල්ල කළ මෙවර IPL තරගාවලියේ දැවැන්තම හයේ පහර

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගය අද(2) පස්වරුවේ ආරම්භ වුණා

ඒ මහේල ජයවර්ධන පුහුණුකරු ලෙස කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කුමාර් සංගක්කාර ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරය සහ පුහුණුකරු ලෙස කටයුතු කරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි.

තරඟයේ කාසියේ වාසිය දිනා ගත් මුම්බායි නායක රෝහිට් ෂර්මා පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ

ඒ අනුව පිටියට පිවිසි රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 193ක් ලබා ගත්තා.

ඒ, ජොස් බට්ලර් වාර්තා කල සුපිරි ශතකයෙන් ශක්තිමත් වෙමින්.

ඔහු පන්දු 68කින් ලකුණු 100ක් ලබා සිටියදී දැවී ගියේ ජස්ප්‍රිට් බුම්රාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 11ක් ඇතුළත්.

ඉනිමේ සිව්වැනි පන්දුවාරයේ දී ජොස් බට්ලර් විසින් බැසිල් තම්පිට එරෙහිව ලකුණු 26ක් වාර්තා කිරීම විශේෂත්වයක්.

එහිදී ඔහු එල්ල කළ එක් 6 පහරක් මීටර් 101 දුරට ඇදී ගියා.

එය මෙවර තරඟාවලියේදී පිතිකරුවෙකු එල්ල කළ දැවැන්තම 6 පහර වීම ද කැපී පෙනෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...