ශකිබ්ට දෙවැනි ටෙස්ට් තරගයත් අහිමි වෙයි

Date:

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසනවා.

පවුලේ සාමාජි‍කයින් කිහිප දෙනෙකු අසනීප තත්ත්වයකින් පසු වීම හේතුවෙන් දකුණු අප්‍රිකාව සමග නිමා වූ එක්දින තරගාවලියෙන් පසුව ශකිබ් යළි සිය රට බලා පැමිණියා.

ඒ හේතුවෙන් ඔහුට මේ දිනවල පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ද අහිමි වී තිබෙනවා.

කෙසේ වෙතත්, ශකිබ් අල් හසාන් දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කරනු ඇති බවට මීට පෙර එරට ක්‍රිකට් ආයතනය විශ්වාසය පල කළා.

පවුලේ සාමාජිකයින් සමග අමෙරිකාවේ රැදී සිටීම සදහා ඔහු මේ වන විට අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇති බව ද සදහන්.

දෙරට අතර පැවැති දෙවැති එක්දින තරගයෙන් අනතුරුව ශකිබ් අල් හසාන් යළි බංග්ලාදේශය වෙත පැමිණීමට පළමුව සැලසුම් කර තිබුණ ද පසුව ඔහු එක්දින තරගාවලිය අවසන් වන තුරු දකුණු අප්‍රිකාවේ රැදී සිටීමට තීරණය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...