ශේන් වෝර්න්ට අවසන් ගෞරව දක්වන්න මෙල්බර්න් ක්‍රීඩාංගනයට දහස් සංඛ්‍යාත පිරිසක්

Date:

අභාවප්‍රාප්ත වූ ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි පා දග පන්දු යවන ක්‍රීඩක ශේන් වෝර්න් වෙනුවෙන් සංවිධාන කෙරුණු රාජ්‍ය අනුස්මරණ උත්සවය අද(30) මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.

දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම අනුස්මරණ උත්සවය සදහා හිටපු ක්‍රීඩකයින් රැසක් ද එක්ව සිටි අතර, ශ්‍රීමත් Elton John හා Ed Sheeran වැනි ජනප්‍රිය ගායන ශිල්පීන්ගේ ද දායකත්වය මෙම උත්සයට ලැබී තිබුණා.

ශේන් වෝර්න්ගේ පියා, සහෝදරයා හා දරුවන් තිදෙනා මෙම අවස්ථාවේ දී ඉතා සංවේදීව පැමිණ සිටි පිරිස ආමන්ත්‍රණය කරනු ලැබුවා.

වෝර්න්ට උපහාරයක් වශයෙන් මෙල්බර්න් ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාරයක් “Shane Warne Stand” ලෙස නම් කරමින් අනුස්මරණ උත්සවය නිමාව දුටුවා.

52 වන වියේ පසු වූ ශේන් වෝර්න් පසුගිය 4 වැනිදා තායිලන්තයේ දී මිය ගියේ හෘදයාබාධයක් හේතුවෙන්.

ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුගිය 20 වැනිදා මෙල්බර්න් නුවර දී සිදු කෙරුණා.

ලෝක ටෙස්ට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන් අතර ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට පමණක් දෙවැනි වන ශේන් වෝර්න් බිද හෙලා තිබූ ටෙස්ට් කඩුලු ගණන 708ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...