ඉමාම්ගේ ශතකය අපතේ යවමින් හෙඩ් ප්‍රමුඛ ඔස්ට්‍රේලියානුවන්ට විශිෂ්ඨ ජයක්

Date:

ට්‍රැවිස් හෙඩ් වාර්තා කළ වේගවත් ශතකයෙන් ශක්තිමත් වෙමින් පාකිස්තානය සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 88ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරිමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(29) සමත් වුණා.

ලාහෝර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු පිතිකරුවන් පාකිස්තාන පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 313ක් ලබා ගැනීමට සමත් වුණා.

සිය දෙවැනි එක්දින ශතකය වාර්තා කළ ට්‍රැවිස් හෙඩ් පන්දු 72කින් ලකුණු 101ක් රැස් කළා. හයේ පහර 3කින් හා හතරේ පහර 12කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කළ බෙන් මැක්ඩර්මට් ලකුණු 55ක් ලබා ගත් අතර, කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 40යි.

පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් හා සහිඩ් මහ්මූද් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට පන්දුවාර 45.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 225ක් පමණයි.

ඉමාම් උල් හක් ලකුණු 103ක් රැස් කළේ පන්දු 96කින්. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් සමගින්.

නායක බබාර් අසාම් ලකුණු 57කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ඇඩම් සම්පා ලකුණු 38කට කඩුලු 4ක් බිද හෙලුවා. මිචෙල් ස්වෙප්සන් හා හා ට්‍රැවිස් හෙඩ් කඩුලු 2 බැගින් දවා ගත්තා.

මේ අතර, ඔස්ට්‍රේලියානු දග පන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර්ට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව මෙම එක්දින තරගයට පෙර හදුනා ගැණුනා.

ඒ, හේතුවෙන් ඔහුට එක්දින තරගාවලියේ සියලු තරග අහිමි වී තිබෙනවා.

මීට පෙර ජොෂ් ඉන්ග්ලිස්ට ද වෛරසය ආසාදනය වී ඇති බවටයි හදුනා ගෙන තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...