Watch : විලියම්සන් දැවී ගිය ආන්දෝලනාත්මක සුපිරි උඩ පන්දුව

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගය අද(29) රාත්‍රී 7.30ට පූනේ හී දී ආරම්භ වුණා.

ඒ, කුමාර් සංගක්කාර ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය හා ප්‍රධාන පුහුණුකාරීත්වය දරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි රාජස්තාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 6ක් දැවී ලකුණු 210ක් ලබා ගනිමින්.

නායක සංජු සැම්සන් වේගවත් ලකුණු 55(27)ක් රැස් කළේ හයේ පහර 5ක් ද සමගින්.

පිළිතුරු ඉනිම ආරම්භ කළ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ කේන් විලියම්සන් හා අභිෂේක් ෂර්මා.

විලියම්සන් ලකුණු 2කට දවා ගැනීමට ප්‍රසිද් ක්‍රිෂ්නා සමත් වුණා.

ක්‍රිෂ්නා යොමු කළ පන්දුවකට විලියම්සන් එල්ල කළ පහරකින් පසුව පන්දුව කඩුලු රකින ක්‍රීඩක සංජු සැම්සන් වෙත ඇදී ගිය නමුත්, ඔහුට එය නිසි අයුරින් රැක ගැනීමට හැකි වූයේ නැහැ.

කෙසේ වෙතත්, ස්ලිප්හි පන්දු රකිමින් සිටි දෙව්දත් පඩික්කල් විසින් පන්දුව බිම පතිත වීමට පෙර සුරැකිව එය උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට සමත් වීම කැපී පෙනුණා.

එය දැවීයාමක් ද නැද්ද යන්න තීරණය කිරීමේ වගකීම තෙවන විනිසුරු වෙත හිමි වූ අතර, එහිදී තෙවන විනිසුරු විසින් තීරණය කළේ එම අවස්ථාව දැවී යාමක් බවයි.

කෙසේ වෙතත්, ඇතැම් පාර්ශව එම උඩ පන්දුව නිසි පරිදි රැක නොගත් බවට ද චෝදනා එල්ල කරනවා.

එම දැවී යාමට අදාළ දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...