මුම්බායි ඉන්දියන්ස් අඛණ්ඩව 10 වැනි වරටත් පළමු තරගය පරදියි

Date:

අඛණ්ඩව 10 වැනි වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග වාරයක තමන් ක්‍රීඩා කළ පළමු තරගය පරාජයට පත් වීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අද(27) සිදු වුණා.

ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හමුවේ කඩුලු 4ක පරාජයක් ලැබීමත් සමගයි.

මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කැපිටල්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි මුම්බායි පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 177ක් රැස් කළා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඉෂාන් කිෂන් පන්දු 48කින් වේගවත් ලකුණු 81ක් නොදැවී ලබා ගත්තා. ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 11ක් ඇතුළත්.

නායක රෝහිට් ෂර්මා ලකුණු 41යි. ටිලක් වර්මා ලකුණු 22ක් ද, ටිම් ඩේවිඩ් ලකුණු 12ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී කුල්දීප් යාදෙව් ලකුණු 18කට කඩුලු 3ක් දවා ගත් අතර, කලීල් අහ්මඩ් ලකුණු 27කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 18.2ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඒ, ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 104 දී බිද වැටුණු පසුබිමකයි.

මුම්බායි කණ්ඩායම තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තුවක් තැබූ එම අවස්ථාවේ සිට සැලසුම් සහගත හා ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වීමට ලලිත් යාදෙව් හා අක්සාර් පටෙල් සමත් වුණා.

ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 30කින් ගොඩ නැගුණු නොබිදුණු සබදතාවය ලකුණු 75ක්.

ලලිත් යාදෙව් නොදැවී ලකුණු 48(38)ක් හා අක්සාර් පටෙල් නොදැවී ලකුණු 38(17)ක් ලබා ගනිමින් දිල්ලි කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. ප්‍රිත්වි ෂෝ ලකුණු 38යි.

පන්දු යැවීමේ දී බසිල් තම්පි කඩුලු 3ක් හා මුරුගන් අශ්වින් කඩුලු 2ක් දවා ගත්තා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් වරට අයි.පී.එල් තරගාවලියක තමන් ක්‍රීඩා කළ පළමු තරගය ජය ගෙන ඇත්තේ 2012 වසරේ දී වීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...