Watch : වනිදු හසරංග යැවූ පළමු පන්දුවෙන්ම අගාර්වල් දැවී ගිය හැටි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය අද රාත්‍රී 7.30ට මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

ඒ, ෆෆ් ඩු ප්ලෙසිස්ගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා මයාන්ක් අගාර්වල්ගේ නායකත්වයෙන් යුත් පංජාබ් කිංග්ස් කණ්ඩායම අතරයි.

මෙම තරගය සදහා පංජාබ් කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ ඇතුළත් වූ අතර, බැංගලෝර් කණ්ඩායම සදහා වනිදු හසරංග ඇතුළත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ පංජාබ් පිල පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බැංගලෝර් කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 205ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී පංජාබ් ඉනිමට විශිෂ්ඨ ආරම්භයක් ලබා දීමට නායක මයාන්ක් අගාර්වල් හා ශිකර් දවාන් සමත් වුණා.

ඒ, පළමු කඩුල්ලට ලකුණු 71ක සබදතාවයක් ගොඩ නගමින්.

එම සබදතාවය බිද දැමුවේ වනිදු හසරංග විසින්.

ඔහු මෙම තරගයේ යොමු කළ පළමු පන්දුවෙන්ම ලකුණු 32ක් ලබා සිටි අගාර්වල්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.(දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...