අවසන් පන්දුවේ දී ලැබූ පරාජය හමුවේ ඉන්දියාව ලෝක කුසලානයෙන් ඉවතට

Date:

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ඉන්දීය කාන්තා කණ්ඩායමට අද(27) අහිමි වුණා.

ඒ, තරගාවලියේ මූලික වටය යටතේ අද දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයෙන් ඉන්දියාව කඩුලු 3ක පරාජයකට ලක්වීම හේතුවෙන්.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 274ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව ඉනිමේ අවසන් පන්දුවේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

අවසන් පන්දුවාරයේ 5 වැනි පන්දුවට කඩුල්ලක් දැවී ගිය නමුත්, එම පන්දුව නිපන්දුවක් වීම හේතුවෙන් අදාළ කඩුල්ල ඉන්දියාවට අහිමි වුණා. එය තරගයේ තීරණයට ද බෙහෙවින් බලපානු ලැබුවා.(දර්ශන පහතින්)

අද පැවැති ඉන්දු – දකුණු අප්‍රිකා තරගයත් සමග මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වුණා.

ඒ අනුව එළඹෙන 30 වනදා පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ දී තරග වදින්නේ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමයි.

එළඹෙන 31 වනදා දෙවැනි අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකාව හා එංගලන්තය අතර පැවැත්වීමට නියමිතයි.

මෙවර කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ලබන 3 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...