පළමු තරගයෙන් හිටපු ශූරයින් පරදා කොල්කටාවට පහසු ජයක්

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් පසුගියවර අයි.පී.එල් ශූරයින් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(26) සමත් වුණා.

මහේන්ද්‍ර සිං දෝනි නායකත්වයෙන් ඉවත් වීම හේතුවෙන් මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවැති මෙම තරගයේ දී රවීන්ද්‍ර ජඩේජා විසින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙහෙයවනු ලැබූ අතර, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වය දරනු ලැබුවේ ෂ්රෙයස් අයියර්.

අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලබා ගත්තේ ලකුණු 131ක් පමණයි.

ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 61ක්ව තිබියදී බිද වැටුණා. රොබින් උතාපා ලකුණු 28ක් රැස් කළ අතර, අම්බටි රයිදු ලකුණු 15කට දුවද්දී දැවී ගියා.

6 වැනි කඩුල්ල වෙනුවෙන් නායක ජඩේජා හා හිටපු නායක දෝනි අතර ගොඩ නැගුණු සබදතාවය ලකුණු 70(56)ක්.

2019 වසරෙන් පසුව වාර්තා කළ සිය පළමු අයි.පී.එල් අර්ධ ශතකය රැස් කළ දෝනි නොදැවී ලකුණු 50(38)ක් ලබා ගත්තා. ජඩේජා නොදැවී ලකුණු 26යි.

පන්දු යැවීමේ දී උමේෂ් යාදෙව් ලකුණු 20කට කඩුලු 2ක් දවා ගත් අතර, වරුන් චක්‍රවර්තී හා ඇන්ඩ්‍රි රසල් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායම පන්දුවාර 18.3ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. (133/4)

ආරම්භක පිතිකරුවන් වූ අජින්කෙයා රහානේ ලකුණු 44(34) ක්, වෙන්කටේෂ් අයියර් ලකුණු 16ක් රැස් කළා.

නිටිෂ් රානා ලකුණු 21යි. සෑම් බිලින්ග්ස් ලකුණු 25ක් ලබා ගත් අතර, නායක ෂ්රෙයස් අයියර් නොදැවී ලකුණු 20ක් වාර්තා කළා.

පන්දු යැවීමේ දී ඩ්වේයන් බ්‍රාවෝ ලකුණු 20කට කඩුලු 3ක් බිද හෙලුවා. මිචෙල් සැන්ට්නර් ලකුණු 31කට එක් කඩුල්ලක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...