මොයීන් අලීට ඉන්දියාවට පැමිණීමට අවසර

Date:

එංගලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මොයීන් අලී අද(24) දිනයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග එක්වීමට නියමිත බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, ඉන්දියාවට පැමිණීමට අවශ්‍ය වීසා ලබා ගැනීමට ඔහු සමත් වීමත් සමගයි.

වීසා ලබා ගැනීමට පසුගිය කාලයේ දී මොයීන් අලී දැඩි උත්සායක නිරත වූ අතර, ඒ අනුව ඊයේ(23) දිනයේ දී වීසා ලබා ගැනීමට ඔහුට හැකි වී තිබෙනවා.

අද පස්වරුවේ දී මොයීන් අලී මුම්බායි නුවරට ළගා වන බවත්, අනතුරුව නිරෝධායනය සදහා යොමු වන බවත් චෙන්නායි කණ්ඩායමේ ප්‍රධාන විධායක නිළධාරී Kasi Viswanathan සදහන් කළා.

කෙසේ වෙතත්, වීසා ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් ඔහුට මෙවර අයි.පී.එල් තරගාවලිය යටතේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු තරගය සදහා ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...