දකුණු අප්‍රිකා පිතිකරුවෙකු ICC තහනම් උත්තේජක පරීක්ෂාවකින් අසමත් වෙයි

Date:

දකුණු අප්‍රිකා පිතිකරු Zubayr Hamza අයි.සී.සී තහනම් උත්තේජක සංග්‍රහය යටතට අයත් තහනම් ද්‍රව්‍යයක් ලබා ගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ජනවාරි 17 වනදා ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) සිදු කළ තහනම් උත්තේජක පරීක්ෂාවකදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.

පරීක්ෂණයෙන් ලද ප්‍රතිපලයට ඔහු එරෙහි නොවන බවත්, අයි.සී.සීය සමග ඔහු පූර්ණ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බවත් දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

එමෙන්ම වහාම ක්‍රියාත්තමක වන පරිදි ස්වේච්ඡා තහනමකට ලක් වීමට ද 26 හැවිරිදි Zubayr Hamza එකග වී තිබෙනවා.

Furosemide නම් තහනම් ද්‍රව්‍ය ඔහුගේ ශරීරියේ තිබූ බවටයි අදාළ තහනම් උත්තේජක පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ.

එය දක්ෂතා වර්ධනය වීම වෙනුවෙන් ලබා ගන්නා තහනම් උත්තේජකයක් නොවන බව ද සදහන්.

අදාළ ද්‍රව්‍ය ශරීරිගත වූ ආකාරය සම්බන්ධයෙන් ඔහු හදුනා ගෙන ඇති බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Zubayr Hamza දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 6කට හා එක්දින තරගයකට ක්‍රීඩා කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...