රෝයිට අත්හිටුවූ ජාත්‍යන්තර තරග තහනමක් හා දඩයක්

Date:

එංගලන්ත ප්‍රහාරාත්මක පිතිකරු ජේසන් රෝයිට ජාත්‍යන්තර තරග දෙකක අත්හිටුවූ තහනමක් පැනවීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

යහපත් හැසිරීම හේතුවෙන් අදාළ තරග තහනම මාස 12කට අත්හිටුවීමට තීරණය කළ බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරග තහනමට අමතරව පවුම් 2,500ක දඩ මුදලක් ද පනවා තිබෙනවා.(ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 9.5 ක පමණ අගයක්)

මාර්තු 31 වනදා වන විට එම දඩ මුදල ගෙවිය යුතු බවට ද නියම කර ඇති බව සදහන්.

“ක්‍රිකට් ක්‍රීඩාවේ අභිලාෂයන්ට අගතියක් විය හැකි හෝ ක්‍රිකට් ක්‍රීඩාව, එංගලන්ත ක්‍රිකට් ආයතනය සහ තමා අපකීර්තියට පත් කළ හැකි ආකාරයෙන් හැසිරීම” යන චෝදනාව ජේසන් රෝයි විසින් පිළිගෙන ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

කෙසේ වෙතත්, ඔහු සිදු කළ වරද කුමක් ද යන්න සම්බන්ධයෙන් එම ආයතනය නිසි පැහැදිලි කිරීමක් සිදු කර නැහැ.

ලබන 26 වනදා ආරම්භ වන මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ද ඔහු ක්‍රීඩා කිරීමට නියමිතව සිටි නමුත්, එම තරගාවලියෙන් ඉවත් වීමට ජේසන් රෝයි පසුගියදා තීරණය කළා.

ඒ , ජෛව ආරක්ෂිත බුබුලු තුළ දිගින් දිගටම රැදී සිටීමේ දුෂ්කරතාවය පදනම් කර ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...