බ්‍රැත්වෙයිට්ගේ සටන්කාමී නායකත්වයේ ඉනිම් එංගලන්තයේ බලාපොරොත්තු සුන් කරයි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය ද මෙරට වේලාවෙන් අද(21) අලුයම ජය පරාජයෙන් තොරව නිමා වුණා.

බාර්බඩෝස්හි කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැති තරගය ජය ගැනීම සදහා ලද ලකුණු 282ක ඉලක්කය හඹා ගිය කොදෙව්වන් තරගයේ අවසන් දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 135ක්.

පළමු ඉනිමේ දී ලකුණු 160ක් වාර්තා කළ නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් දෙවැනි ඉනිමේ දී ද එංගලන්තයට දැඩි තර්ජනයක් වෙමින් පන්දු 184කින් නොදැවී ලකුණු 56ක් රැස් කළා.

ජොෂවා ද සිල්වා නොදැවී ලකුණු 30යි. ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 27ක් ද, ජෝන් කැම්ප්බෙල් ලකුණු 10ක් ද රැස් කළ අතර, ශමාර් බෘක්ස් ලකුණු 4කටත්, කෘමා බෝනර් ලකුණු 3කටත්, ජේසන් හෝල්ඩර් ලකුණු නොලබාත් දැවී ගියා.

පන්දු යැවීමේ දී ජැක් ලීච් කඩුලු 3ක් හා සකිබ් මහ්මූද් කඩුලු 2ක් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 507ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීම තීරණය කළ අතර, පිළිතුරු ලෙස කොදෙව්වන් ලකුණු 411ක් ලබා ගත්තා.

එංගලන්තය සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තරගයේ අවසන් දිනයේ දී තීරණය කළේ කඩුලු 6ක් දැවී ලකුණු 185ක් ලබා සිටියදීයි.

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට්.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය ද ජය පරාජයෙන් තොරව නිමා වූ අතර, තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන 24 වනදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...