ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලානයේ දින නිවේදනය කෙරේ

Date:

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන දින ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් අද(19) නිවේදනය කළා.

ඒ අනුව තරගාවලිය අගෝස්තු 27 වනදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.

අද කොළඹ දී පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සලයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී යි ආසියානු කුසලාන තරගාවලියේ දින සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹුණේ.

මෙවර තරගාවලිය පන්දුවාර 20යි 20 තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියට අදාල සුදුසුකම් ලැබීමේ වටයේ තරග අගෝස්තු 20 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

2023 ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ පාකිස්තානයේ දී යි.

මේ අතර, ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපතිවරයා වන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ්ගේ ධූර කාලය 2024 වසර දක්වා තවත් වසරකින් දීර්ඝ කිරීමට ද අද තීරණය කෙරුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කළ අතර, ඊට ඒකමතිකව අනුමැතිය හිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...