IPL නිසා ප්‍රබලයින් රැසක් නොමැති දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය නිවේදනය කෙරේ

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය අද(17) නිවේදනය කෙරුණා.

ඩීන් එල්ගර්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

Khaya Zondo පළමු වරට දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතයට නම් කර තිබෙනවා.

කාගිසෝ රබාඩා, ලුන්ගි එන්ගිඩී හා මාර්කෝ ජන්සෙන් යන ප්‍රධාන ක්‍රීඩකයින් අයි.පී.එල් තරගාවලිය හේතුවෙන් මෙම ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකරන බැවින්, Lizaad Williams හා Daryn Dupavillon යන ක්‍රීඩකයින් ද ටෙස්ට් සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අයි.පී.එල් තරගාවලිය හේතුවෙන් ඒඩ්න් මාක්‍රම් හා රසී වැන් ඩර් ඩුසේන් යන පිතිකරුවන් දෙදෙනා ද බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ.

කෙසේ වෙතත්, කොවිඩ් 19 ආසාදනය වීම නිසා නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ කීගන් පීටර්සන් මෙම සංචිතයට නම් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 31 වනදා ඩර්බන් හී දී ආරම්භ වීමට නියමිතයි.

South Africa’s Test squad:

Dean Elgar (c), Temba Bavuma, Daryn Dupavillon, Sarel Erwee, Simon Harmer, Keshav Maharaj, Wiaan Mulder, Duanne Olivier, Keegan Petersen, Ryan Rickelton, Lutho Sipamla, Glenton Stuurman, Kyle Verreynne, Lizaad Williams, Khaya Zondo.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...