තරග පැරදුනැයි ප්‍රේක්ෂකයෙකු ගුවන් තොටුපොලේ දී සුරංගට දොස් නගලා

Date:

ඉන්දීය තරග සංචාරය නිමා කළ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද(17) අලුයම දිවයිනට පැමිණියා.

ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාව තරග 0-2ක් ලෙස පරාජයට පත් වූ අතර, ඊට පෙර පැවැති 20යි 20 තරගාවලිය ද තරග 0-3ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට පැමිණි අවස්ථාවේ දී ගුවන් තොටුපොලේ රැදී සිටි ප්‍රේක්ෂකයෙකු මෙම පරාජයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් සමග යම් උණුසුම් වචන හුවමාරුවක නිරත වනු දක්නට ලැබුණා.

අදාළ ටෙස්ට් තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් සුරංග ලක්මාල් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පසුව අදහස් පල කළා.

“පුද්ගලයෙක් ප්‍රශ්නයක් ඇහුවා. ඒ පුද්ගලයා මගේ මුහුණට කිව්වා. මම ප්‍රශ්නයට උත්තර දුන්නා.” යනුවෙන් ලක්මාල් කියා සිටියා.

“මම හිතන්නේ ඕවා සාමාන්‍ය දේවල්. තරග පරදිනකොට එක විදිහක්, දිනනකොට තව විදිහක්. ක්‍රීඩකයින් විදිහට අපි ඒක තේරුම් ගන්න ඕනෙ. එක එක පුද්ගලයින් එක එක විදිහයි. අප්‍රසාදය පල කරනවා. ප්‍රසාදය පල කරනවා. ඒ හැම දෙයක්ම අපිට ක්‍රීඩකයින් විදිහට විදගන්න  පුලුවන් වෙන්න ඕනේ. ඒ පුද්ගලයාට මම ඒ දේ තේරුම් කරා. එතනින් එහා කිසිම තරහක් නෑ. හැමෝම බලාපොරොත්තුවෙන්නේ තරගාවලි දිනන්න. හැබැයි ජය පරාජ දෙකම අපිට විදගන්න පුලුවන් වෙන්න ඕනේ. හොද ප්‍රේක්ෂකයින් පිරිසක් අපිට ඉන්නවා. ඒ අය ක්‍රීඩකයින්ට උදව් කරයි කියලා මම විශ්වාස කරනවා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...