දිල්ලි කැපිටල්ස් බස් රථයට මුම්බායිහී දී ප්‍රහාරයක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරග වදින දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ සුඛෝපභෝගී බස් රථයකට මුම්බායි නුවර දී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය පදනම් කර ගත් අන්ත දක්ෂිණාංශික ඉන්දීය දේශපාලන පක්ෂයක් වන මහාරාෂ්ට්‍ර නව්නිර්මන් සේනා හි ප්‍රවාහන අංශයේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ක්‍රීඩකයින් ප්‍රවාහනය කිරීමේ අරමුණින් මුම්බායිහි තරු පහේ හෝටලයක් අසළ ගාල් කර තිබියදී මෙම බස් රථයට පහර දී ඇති බව සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේ.

ප්‍රාන්තයෙන් පිටත බස් රථ කුලියට ගැනීම ඔස්සේ සිය ප්‍රාන්තයේ ජනතාවට රැකියා අවස්ථා අහිමි වන බවට චෝදනා කරමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

“අපේ විරෝධතා නොතකා, දේශීය ජනතාවගේ ජීවනෝපායට බලපාන පරිදි ඔවුන් දිල්ලි සහ අනෙකුත් ප්‍රදේශවලින් බස් රථ සහ අනෙකුත් කුඩා වාහන කිහිපයක් සඳහා මෙහෙ අවසර දීලා තියෙනවා.”

යනුවෙන් මහාරාෂ්ට්‍ර නව්නිර්මන් සේනා හි ක්‍රියාකාරියෙකු මාධ්‍ය වෙත සදහන් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...