රූට්ගේ ශතකය හා ලෝරන්ස්ගේ 91 පළමු දිනයේ ගෞරව එංගලන්තයට හිමි කර දෙයි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මෙරට වේලාවෙන් අද(17) අලුයම බාර්බඩෝස්හි කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ දී නිමා වුණා.

ඒ වන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 244ක් ලබා සිටියා.

ඒ, ජෝ රූට් වාර්තා කළ සිය 25 වැනි ටෙස්ට් ශතකයෙන් ශක්තිමත් වෙමින්.

ඔහු පන්දු 246කින් නොදැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 119ක්. හතරේ පහර 12ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඩෑන් ලෝරන්ස් ලකුණු 91(150)කට දැවී ගියා. ඒ, දිනය නිමා වීමට තවත් එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදීයි.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස සැක් ක්‍රව්ලි ලකුණු නොලබා දැවී ගිය අතර, අනෙක් ආරම්භක පිතිකරු වූ ඇලෙක්ස් ලීස් ලකුණු 30ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ජෙයිඩ්න් සීල්ස්, වීරසැමී පාර්මුවෙල් හා ජේසන් හෝල්ඩර් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...