“කණ්ඩායමේ සංයුතිය ගොඩක් වෙලාවට වෙනස් වෙයි” : දිමුත්

Date:

ඉදිරි ටෙස්ට් තරගාවලියන්හීදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතියේ වෙනසක් සිදු වනු ඇති බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.

ඉන්දීය තරග සංචාරය නිමා කර අද(17) අලුයම දිවයිනට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිමුත් ඒ බව සදහන් කළා.

ක්‍රීඩකයින් ආබාධවලට ලක්ව තිබීම ද කණ්ඩායමේ සංයුතිය වෙනස් කිරීමට හේතු වන බවයි ඔහු කියා සිටියෛ්.

“අපි තරගයක් හරි ජයග්‍රහනය කරන්න බලාපොරොත්තුවෙන් තමයි ගියේ. නමුත් අපිට ඒක කරගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. පිතිකරණය පැත්තෙන් බැලුවත් පන්දු යැවීම පැත්තෙන් බැලුවත් සෑහෙන දුර්වලතා තිබුණා.” යනුවෙන් දිමුත් කරුණාරත්න සදහන් කළා.

“ඉන්දියාව කියන්නේ ප්‍රබල කණ්ඩායමක්. පසුගිය කාලවල වුණත් ප්‍රබල ක්‍රිඩකයින් ඉදිද්දිත් අපි තරගයක් ජයග්‍රහනය කරලා (ඉන්දියාවේ දී) තිබුණේ නැහැ. අපි ඒවා ගැන හිතන්නේ නැතුව බැලුවේ කොහොමහරි තරගයක් ජයග්‍රහනය කරන්න. ඒත් අපේ පැත්තට වාසියක් තිබුණේ නැහැ. කාසියේ වාසියත් අපි පරාජයට පත් වුණා. කණ්ඩායමක් විදිහට බැලුවොත් දක්ෂතා අතර හොද මට්ටමකට එන්න බැරි වුණා.”

“කණ්ඩායමේ සංයුතිය ගොඩක් වෙලාවට වෙනස් වෙයි මම හිතන්නේ. ක්‍රීඩකයෝ ගොඩක් ආබාධවලට ලක්වෙලා තියෙනවා. ඒවත් එක්ක බලද්දි ඉදිරි තරගාවලිවලදී සංයුතිය වෙනස් වෙයි.”

ඉදිරියේ දී කණ්ඩායමේ නායකත්වය වෙනස්වනු ඇත්දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු දිමුත් කරුණාරත්නගෙන් විමසා සිටියා.

“ඒක මම දන්නේ නැහැ. ඒක මගේ අතේ නෙවෙයි තියෙන්නේ. තේරීම් කමිටුව අතේ. ඒගොල්ලන්ට අවශ්‍යනම් මාරු කරන්න, කිසි ප්‍රශ්නයක් නැහැ. මට කරන්න පුලුවන් උපරිමය මම කරා. ඒක තේරීම් කමිටුවට මදිනම් ඉතිං මම හිතනවා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. තව කාට හරි දෙන්න ඕනෙ කියලා හිතනවනම් ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...