සංචාරක එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මෙරට වේලාවෙන් අද(17) අලුයම බාර්බඩෝස්හි කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ දී නිමා වුණා.
ඒ වන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 244ක් ලබා සිටියා.
ඒ, ජෝ රූට් වාර්තා කළ සිය 25 වැනි ටෙස්ට් ශතකයෙන් ශක්තිමත් වෙමින්.
ඔහු පන්දු 246කින් නොදැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 119ක්. හතරේ පහර 12ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
ඩෑන් ලෝරන්ස් ලකුණු 91(150)කට දැවී ගියා. ඒ, දිනය නිමා වීමට තවත් එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදීයි.
ඉනිමේ පළමු කඩුල්ල ලෙස සැක් ක්‍රව්ලි ලකුණු නොලබා දැවී ගිය අතර, අනෙක් ආරම්භක පිතිකරු වූ ඇලෙක්ස් ලීස් ලකුණු 30ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී ජෙයිඩ්න් සීල්ස්, වීරසැමී පාර්මුවෙල් හා ජේසන් හෝල්ඩර් කඩුල්ල බැගින් බිද හෙලුවා.

