දිමුත් ටෙස්ට් පිතිකරුවන් අතර පළමු 5 දෙනා අතරට

Date:

අයි.සී.සී නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද නිවේදනය කළා.

ඒ අනුව එහි පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හි 8 වැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්ව තිබෙනවා.

ඒ, ඉන්දියාව සමග නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දී වාර්තා කළ සටන්කාමී ශතකය හේතුවෙන්.

දිමුත්ට ශ්‍රේණිගත ලකුණු 781ක් හිමිව ඇති අතර, ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවන මර්නස් ලබුෂේන් ශ්‍රේණිගත ලකුණු 936කට හිමිකම් කියනවා.

කෙසේ වෙතත්, ඉන්දීය හිටපු ටෙස්ට් නායක විරාට් කෝලි 5 වැනි ස්ථානයේ සිට 9 වැනි ස්ථානය දක්වා ස්ථාන 4කින් පසුබැස තිබෙනවා.

පාකිස්තාන නායක බබාර් අසාම් 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද සමත්ව ඇති බවයි අයි.සී.සී ය නිවේදනය කළේ.

මේ අතර, දෙවැනි ටෙස්ට් තරගයේ දී කඩුලු 8ක් දවා ගත් ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා පන්දු යවන්නන් අතර 4 වැනි ස්ථානය දක්වා ස්ථාන 6කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

එමෙන්ම ලසිත් ඇඹුල්දෙණිය හා ප්‍රවීන් ජයවික්‍රම ද පිළිවෙලින් 32 වන හා 45 වන ස්ථාන දක්වා ස්ථාන 5 බැගින් ඉදිරියට පැමිණීමට සමත්ව තිබීම ද විශේෂත්වයක්.

තුන් ඉරියව් ක්‍රිඩක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ යළිත් කොදෙව් දූපත්හි ජේසන් හෝල්ඩර්ට හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් පසුව එහි පළමු ස්ථානය හිමි කර ගත් රවීන්ද්‍ර ජඩේජා දෙවැනි ස්ථානයට පත් කරමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...