ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලානයේ දින ගැන අවසන් තීරණය එළඹෙන ACC රැස්වීමේදී

Date:

සිව්කොන් ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කිරීමට අදාළ සිය යෝජනාව සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි සමග ඉදිරියේ දී පැවැත්වෙන ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීමේ දී සාකච්ඡා කරන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති රමීස් රාජා පවසනවා.

මීළග ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීම ලබන 19 වැනිදා ඩුබායි හී දී පැවැත්වීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව හා පාකිස්තානය අතර අදාළ තරගාවලිය පැවැත්වීමට රමීස් රාජාගේ අවධාධනය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත්, ඊට ඉන්දියාව එකග නොවුණහොත්, ඔස්ට්‍රේලියාව හා එංගලන්තය සමග වාර්ෂිකව තුන් කොන් ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කිරීමටයි පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සැලසුම් කර ඇත්තේ.

මේ අතර, ලබන වසරේ දී පාකිස්තානයේ දී පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ඉන්දියාව සහභාගී වනු ඇති බවට ද රමීස් රාජා විශ්වාසය පල කරනවා.

2022 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාවේ දී යි.

එම තරගාවලිය පැවැත්වෙන දින සම්බන්ධයෙන් ද එළඹෙන ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීමේ දී අවසන් තීරණයකට එළඹීමට නියමිත බව සදහන්.

ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වීමට කටයුතු කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...