IPL තරගාවලියේ දී බුබුල කැඩුවොත් දැඩි දඩුවම්

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දී යම් ක්‍රීඩකයෙකු, කණ්ඩායම් නිළධාරියෙකු හෝ පවුලේ සාමාජිකයෙකු ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කිරීමක් සිදු කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි දඩුවම් පැනවීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

දින 7ක කාලයක් යළි නිරෝධායනයට ලක් කිරීම, එක් තරගයක් තහනමට ලක් කිරීමේ සිට තරගාවලියෙන් ඉවත් කිරීම දක්වා එම දඩුවම් පැනවීම සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ.

යම් කණ්ඩායමක් හිතාමතාම පිටස්තර පුද්ගලයෙකු ජෛව ආරක්ෂිත බුබුලට ගෙන්වා ගතහොත් පළමු අවස්ථාවේ දී ඉන්දීය රුපියල් කෝටියක දඩ මුදලක් පැනවීමට ද තීන්දු කර තිබෙනවා.

එම වරද යළිත් සිදු කළහොත් එම කණ්ඩායමට හිමිව ඇති ප්‍රසාද ලකුණු එකක් හෝ දෙකක් කපා හැරීම ද සිදු කරනු ඇති.

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 26 වනදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...