ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ශ්‍රී ලංකාව තවදුරටත් පහළට

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානය දක්වා පසු බැසීමට ශ්‍රී ලංකාවට මේ වන විට සිදුව තිබෙනවා.

ඒ, ඉන්දියාව සමග පැවැති තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 0-2ක් ලෙස පරාජයට පත් වීම හේතුවෙන්.

මෙම තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැදී සිටි අතර, දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව එහි රැදී සිටියේ තෙවැනි ස්ථානයේයි.

මේ වන විට තරග 4කදී ජයග්‍රහන 2ක් වාර්තා කර ඇති ශ්‍රී ලංකාවේ ලකුණු ප්‍රතිශතය 50%ක්.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 77.77% ක ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියමින්.

ඉන්දියාව ද මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...