“ඔහු නිවැරැදි වේලාවන්හී දී පන්දු යවන්නන්ට ප්‍රහාර දියත් කළා” : රසල් ආර්නල්ඩ්

Date:

පෙබරවාරි මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉන්දීය මැදපෙල පිතිකරු ෂ්රෙයස් අයියර් තේරී පත්ව තිබෙනවා.

මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස තේරී පත්ව ඇත්තේ නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩිකා Amelia Kerr.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඉහළ දක්ෂතා දැක් වීමට ෂ්රෙයස් අයියර් පෙබරවාරි මාසයේ දී සමත් වුණා.

ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 තරගාවලියේ තරග තුනේ දී අර්ධ ශතක 3ක් නොදැවී වාර්තා කිරීමට අයියර් සමත් වුණා.

තරගාවලියේ දී ඔහු රැස් කළ සමස්ත ලකුණු සංඛ්‍යාව 204ක්. ප්‍රහාරාත්මක වේගය සටහන් වුණේ 174ක් ලෙසයි.

“මාසය පුරාවටම ෂ්රෙයස් විශිෂ්ට ස්ථාවරත්වයක් සහ පාලනයක් පෙන්නුම් කළා” යනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු මෙන්ම අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ මනාප මණ්ඩලයේ සාමාජික, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රසල් ආර්නල්ඩ් මහතා සදහන් කළා.

“ඔහු ප්‍රතිවාදී පන්දු යවන්නන්ට එරෙහිව සම්පූර්ණයෙන්ම සිය ආධිපත්‍ය පැතිරුවා. කඩුල්ලේ හැම පැත්තෙන්ම ලකුණු රැස් කළා, නිවැරැදි වේලාවන්හී දී පන්දු යවන්නන්ට ප්‍රහාර දියත් කළා”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...