ඔස්ට්‍රේලියාව ලකුණු 489ක් ඉදිරියෙන්

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(14) නිමා වුණේ පාකිස්තානය දැවැන්ත පරාජයකට ලක් වීමේ අවධානමකට ලක් කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුල්ලක් දැවී ලකුණු 81ක් ලබා සිටියා.

හසන් අලීගේ පන්දුවක් හමුවේ ඩේවිඩ් වෝනර් ලකුණු 7කට දැවී ගිය අතර, උස්මාන් කවාජා නොදැවී ලකුණු 35ක් හා මර්නස් ලබුෂේන් නොදැවී ලකුණු 37 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

කරච්චි ජාතික ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව අද දිනය ආරම්භ කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 505 ක් ලබා සිටි අතර, ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 9ක් දැවී ලකුණු 556ක් ලබා සිටියදීයි.

උස්මාන් කවාජා ලකුණු 160ක් හා ඇලෙක්ස් කෙරී ලකුණු 93ක් රැස් කළා. ස්ටීවන් ස්මිත් ලකුණු 72යි.

පන්දු යැවීමේ දී ෆහීම් අශ්රෆ් හා සජිඩ් ඛාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයේ සියලු පිතිකරුවන් ලකුණු 148කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

නායක බබාර් අසාම් ලකුණු 36ක් රැස් කළ අතර, ඉමාම් උල් හක් හා නවුමන් අලී (නොදැවී) ලකුණු 20 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් කඩුලු 3ක් බිද හෙලුවා. සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන මිචෙල් ස්වෙප්සන් දවා ගත් කඩුලු ගණන 2ක්.

ඒ අනුව ඔස්ට්‍රේලියාව මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 489 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...