ලෝක කුසලානයේ දී බංග්ලාදේශයට ඓතිහාසික ජයග්‍රහනයක්

Date:

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ සිය පළමු ජයග්‍රහනය වාර්තා කිරිමට අද(14) සමත් වුණා.

ඒ, පාකිස්තාන කාන්තා කණ්ඩායම ලකුණු 9කින් පරාජයට පත් කරමින්.

නවසීලන්තයේ හැමිල්ටන් නුවර පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණු 234ක් ලබා ගැනීමට නියමිත පන්දුවාර 50 තුළ දී සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කාන්තා කණ්ඩායමට පන්දුවාර 50 අවසන් කිරීමට සිදු වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 225ක් පමණක් රැස් කරමින්.

මෙය පාකිස්තාන කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ දී අඛණ්ඩව පරාජයට පත් වූ සිව්වැනි තරගය වීම ද විශේෂත්වයක්.

කිසිදු ජයග්‍රහනයක් වාර්තා නොකළ ඔවුන් මේ වන විට කණ්ඩායම් 8ක් තරග වදින ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැදී සිටිනවා.

ප්‍රසාද ලකුණූ සටහනේ පළමු ස්ථානය හා දෙවැනි ස්ථානය ක්‍රීඩා කළ තරග තුනම ජය ගෙන ඇති ඔස්ට්‍රේලියාවටත්, දකුණු අප්‍රිකාවටත් හිමිව තිබෙනවා.

ඉන්දියාව තෙවැති ස්ථානයේත්, නවසීලන්තය සිව්වැනි ස්ථානයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...