Watch : කෝලි හා ඩ්‍රාවිඩ් සුරංගට සුබ පැතූ අයුරු

Date:

ශ්‍රී ලංකාවෙන් බිහි වූ තවත් විශිෂ්ඨ වේග පන්දු යවන්නෙකු වන සුරංග ලක්මාල් අද(13) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී සිය අවසන් පන්දුවාරය යොමු කළා.

ඒ, ඉන්දියාව සමග බැංගලූරුහී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී යි.

මෙම තරගයේ දෙවැනි ඉනිමේ දී ඔහුට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට නොහැකි වුවත්, පළමු ඉනිමේ දී එක් කඩුල්ලක් දවා ගැනීමට ලක්මාල් සමත් වුණා.

ඒ අනුව ඔහු සිය ටෙස්ට් ක්‍රිකට් දිවියට සමු දුන්නේ ටෙස්ට් තරග 70කදී කඩුලු 171ක් දවා ගනිමින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන් අතර ඔහුට හිමිව ඇත්තේ සිව්වැනි ස්ථානයයි.

ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ දී ඉන්දීය ඉනිම අත්හිටුවීමෙන් පසුව සුරංග ලක්මාල්ට ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක විරාට් කෝලි හා පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් සුබ පතන අයුරු ද දක්නට ලැබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...