කෝලිගේ සාමාන්‍ය 50 න් පහළට

Date:

ඉන්දීය හිටපු නායක සුපිරි පිතිකරු විරාට් කෝලිගේ ටෙස්ට් පිතිකරණ සාමාන්‍ය අද දිනයේ දී 50 සීමාවෙන් පහළට ඇද වැටුණා.

ඒ, ශ්‍රී ලංකාව සමග බැංගලූරුහී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දී ලකුණු 13(16)කට දැවී යාමත් සමගයි.

ප්‍රවීන් ජයවික්‍රම යොමු කළ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනුයි කෝලි දැවී ගියේ.

පළමු ඉනිමේ දී ද ඔහු රැස් කළේ ලකුණු 23ක් පමණයි.

2017 වසරේ අගෝස්තු මාසයෙන් පසුවයි විරාට් කෝලිගේ පිතිකරණ සාමාන්‍ය මෙලෙස 50 සීමාවෙන් පහතට ඇද වැටුණේ.

මේ වන විට ඔහුගේ ටෙස්ට් පිතිකරණ සාමාන්‍ය දැක්වෙන්නේ 49.95ක් ලෙසයි.

ඔහු ටෙස්ට් තරග 18කින් ශතකයක් වාර්තා කිරීමට ද සමත්ව නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...