කවාජාගේ හා ඇලෙක්ස්ගේ ඉනිම් හමුවේ පාකිස්තානය කරච්චියේ දී අසරණ වෙයි

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(13) කරච්චි ජාතික ක්‍රීඩාංගනයේ දී නිමා වුණේ තරගයේ සියලු ගෞරව ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 8ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 505ක්.

අද දිනට තරගය ආරම්භ කරන විට ඔවුන් කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 251ක්.

සිය 11 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් කඩුල්ලේ රැදී සිටි උස්මාන් කවාජා ලකුණු 160කට දැවී ගියා. පන්දු 369 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 15ක් ඇතුළත්.

ඇලේක්ස් කෙරී ලකුණු 93කට දැවී ගියා. ස්ටීවන් ස්මිත් ලකුණු 72 යි.

නේදන් ලයන් ලකුණු 38ක්, ඩේවිඩ් වෝනර් ලකුණු 36ක් හා කැමරන් ග්‍රීන් ලකුණු 28ක් ලබා ගත්තා. මිචෙල් ස්ටක් නොදැවී ලකුණු 28යි.

පන්දු යැවීමේ දී ෆහීම් අශ්රෆ් හා සජිඩ් ඛාන් කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...