හනුමා විහාරි කඩුල්ලේ රැදී සිටීමට තෙවරක් වාසනාවන්ත වූ හැටි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය මේ වන විට බැංගලූරුහී දී ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ඉන්දියාව මේ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින අතර, ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා මේ වන විටත් ලකුණු 200කට අධික ලකුණු සංඛ්‍යාවක් ඉදිරියෙන් පසුවනවා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 252ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව අද දිනයේ දී ලබා ගත්තේ ලකුණු 109ක් පමණයි.

ඉන්දීය දෙවැනි ඉනිමේ දී අංක 3 පිතිකරු වූ හනුමා විහාරි අවස්ථා තුනකදී ම කඩුල්ලේ රැදී සිටීමට වාසනාවන්ත වූ ආකාරය දක්නට ලැබුණා.

ඔහු මුහුණ දුන් තෙවැනි පන්දුවෙන්ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින් දවා ගැනීමට අවස්ථාවක් ශ්‍රී ලංකාවට ලද නමුත් විශ්ව ප්‍රනාන්දු යොමු කළ පන්දුවට පිතිකරු දැවී නොගිය අයෙකු ලෙසයි විිනිසුරු නම් කළේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යොදා ගනිමින් එම තිරණය අභියෝගයට ලක් කළා.

එහිදී අනාවරණය වූයේ පන්දුව කඩුල්ලේ යන්තමින් ගෑවී යන බවයි. ඒ හේතුවෙන් අදාළ විනිසුරු තීරණය වෙනස් කර ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුණා. (දර්ශන පහතින්)

එමෙන්ම ඔහු ලකුණු 7ක් ලබා සිටියදී ලසිත් ඇඹුල්දෙණිය යොමු කළ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දවා ගැනීම සදහා ද ශ්‍රී ලංකාවට අවස්ථාවක් උදා වුණා.

එම අවස්ථාවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ද විනිසුරුගෙන් ප්‍රබල ඉල්ලීමක් සිදු නොකළේ පන්දුව පිත්තේ වැදී පා ආවරණය වැදුණු බවට නිගමනය කරමින්.

කෙසේ වෙතත්, පුනරූපනවලින් දක්නට ලැබුණේ පන්දුව පළමුව පා ආවරණයේ වැදී අනතුරුව පිත්තේ වදින බවයි.

ඒ අනුව එම අවස්ථාවේ දී විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ශ්‍රී ලංකාව යොදා ගත්තේනම් ඔහුව දවා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් උදා වනවා.

යළිත් වරක් හනුමා විහාරි ලකුණු 29 ක් ලබා සිටියදී ද දවා ගැනීම සදහා අවස්ථාවක් ශ්‍රී ලංකාවට උදා වුණේ ප්‍රවීන් ජයවික්‍රම යොමු කළ පන්දුවක් හමුවේ ද ඔහුව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින්.

විනිසුරු විසින් ඔහු දැවී නොගිය අයෙකු ලෙස නම් කළ අතර, ශ්‍රී ලංකාව එම තීරණය අභියෝගයට ලක් කිරීමට කටයුතු කළේ නැහැ.

පුනරූපනවලින් දක්නට ලැබු‍ණේ එම අවස්ථාවේ දී ද ශ්‍රී ලංකාව විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය භාවිතා කළේ නම් ඔහුව දවා ගැනීමට අවස්ථාව පැවැති බවයි.

කෙසේ වෙතත්, ලකුණු 35(79)ක් ලබා සිටියදී හනුමා විහාරිව දවා ගැනීමට ප්‍රවීන් සමත් වුණා.(දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...