ශ්‍රී ලංකාව 109කට සීමා වෙයි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.(13)

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 86ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 109කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.

මෙම ලකුණු ප්‍රමාණය ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව ටෙස්ට් ඉතිහාසයේ දී වාර්තා කළ දෙවැනි අවම ලකුණු සංඛ්‍යාවයි.

අද දිනයේ දී අවසන් කඩුලු 4 දවා ගැනීම සදහා ඔවුන්ට යොමු කිරීමට අවශ්‍ය වූයේ පන්දු 35ක් පමණයි.

ලසිත් ඇඹුල්දෙණිය එක් ලකුණකටත්, සුරංග ලක්මාල් ලකුණු 5කටත්, නිරෝෂන් දික්වැල්ල ලකුණු 21කටත්, විශ්ව ප්‍රනාන්දු ලකුණු 8කටත් අද දිනයේ දී දැවී ගියා. ප්‍රවීන් ජයවික්‍රම නොදැවී ලකුණු 1යි.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 43(85)ක් හා ධනංජය ද සිල්වා ලකුණු 10 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 5ක් දවා ගත්තා. රවිචන්ද්‍රන් අශ්වින් හා මොහොමඩ් ෂාමි අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

බැංගලූරුහී දී පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 252ක් ලබා ගත්තා.

ඒ අනුව ඉන්දියාව මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 143ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...