ශකිබ්ගේ නිවාඩුව හදිසියේ අවලංගු වෙයි

Date:

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් මෙම වසරේ දී සියලු තරග රටා ක්‍රීඩා කිරීම සදහා මේ වන විට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එක්දින තරග 3කින් හා ටෙස්ට් තරග දෙකකින් යුත් එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය සදහා ද ඔහු ක්‍රීඩා කිරීමටයි තීරණය කර ඇත්තේ.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් හා ශකිබ් අල් හසාන් අතර අද(12) පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළඹ තිබුණා.

තමා දකුණු අප්‍රිකා තරග සංචාරයට එක්වීම සදහා මානසික හා ශාරීරික වශයෙන් සුදුසු තත්ත්වයක නොමැති බව මීට පෙර ශකිබ් අල් හසාන් විසින් එරට ක්‍රිකට් ආයතනයට සදහන් කර තිබුණා.

ඒ අනුව ඔහුට අප්‍රේල් 30 වනදා දක්වා ජාත්‍යන්තර හා දේශීය තරගවලින් විවේක ගැනීමට අවසර ලබා දීමටයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පසුගියදා තීරණය කළේ.

2022 වසර සදහා ක්‍රීඩකයින් 21 දෙනෙකු සමග ප්‍රධාන (මධ්‍යම) කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පසුගියදා තීරණය කළ අතර, එහිදී ශකිබ් අල් හසාන්ට සියලු තරග රටාවන් ඇතුළත් කොන්ත්‍රාත්තුවක් පිරිනැමීමට ද එරට ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.

අද පැවැති හමුවේ දී ඔහුගේ අනාගත ක්‍රිකට් දිවිය සම්බන්ධයෙන් ශකිබ් හා සභාපතිවරයා අතර සාකච්ඡා සිදුව තිබූ අතර, ඉන් අනතුරුව ඔවුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ ඉදිරි තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට ශකිබ් අල් හසාන් සූදානම් බවයි.

ඒ අනුව දකුණු අප්‍රිකා තරග සංචාරය සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින් ඔහු හෙට (12) දිනයේ දී බංග්ලාදේශයෙන් පිටත්ව යනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...