හෝල්ඩර් හා බෝනර් පළමු ටෙස්ට් ගැටුම ජය පරාජයෙන් තොර කර ගනියි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මෙරට වේලාවෙන් අද(13) අලුයම නිමා වුණේ ජය පරාජයෙන් තොරවයි.

ඇන්ටීගා හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ අවසන් දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 286ක ඉලක්කයක් හඹා යමින් සිටි කොදෙව්වන් කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 147ක්.

කොදෙව් දෙවැනි ඉනිම ශක්තිමත් කරමින් තරගය ජය පරාජයෙන් තොර කර ගැනීම සදහා සටන්කාමී ඉනිම් දියත් කළ කෘමා බෝනර් නොදැවී ලකුණු 38(138) ක් හා ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 37(101) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජැක් ලීච් කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 311ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස කොදෙව්වන් සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 375ක්.

අනතුරුව එංගලන්තය සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තරගයේ අවසන් දිනයේ දී කටයුතු කළේ කඩුලු 6ක් දැවී ලකුණු 349ක් ලබා සිටියදීයි.

සැක් ක්‍රව්ලි ලකුණු 121ක් හා නායක ජෝ රූට් ලකුණු 109ක් ලබා ගනිමින් එංගලන්ත දෙවැනි ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් කඩුලු 3ක් හා කෙමා රෝච් කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...