මේ තණතීරුවේ 50ක් කියන්නේ 100ක් වගේ. ඒකයි මම එහෙම කරේ : ෂ්රෙයස් අයියර්

Date:

ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ දී තමා ක්‍රීඩා කළ පළමු පන්දු කිහිපය පිතිකරණයේ නිරත වීමට ඉතා අපහසු වූ බව ඉන්දීය මැදපෙල පිතිකරු ෂ්රෙයස් අයියර් පවසනවා.

බැංගලූරුහි පැවැත්වෙන ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

“මම ක්‍රීඩා කළ පළමු පන්දු පහ ඇත්තෙන්ම අමාරුයි. තේ පානයට පෙර දෙවැනි අවසන් පන්දුවාරය ඒක. මම ගොඩක් කලබල වුණා. මට ඕන වුණේ කොහොම හරි ඒ පන්දුවාර දෙක ක්‍රීඩා කරන්න. ඊට පස්සේ මම දැනගෙන හිටියා මම කරන්න යන දේ.” යනුවෙන් ෂ්රෙයස් අයියර් සදහන් කළා.

පිතිකරුවන්ට ඉතා අසීරු තණතීරුවක් වූ මෙම බැංගලූරු තණතීරුව තුළ ෂ්රෙයස් අයියර් පන්දු 98කින් ලකුණු 92ක් ලබා ගත්තා.

ඒ, හයේ පහර 4ක් හා හතරේ පහර 10ක් සමගින්.

දග පන්දු යවන්නන්ට ඉතා යෝග්‍ය තණතීරුවක් වූ මෙම තණතීරුව තුළ තරගයේ පළමු දිනයේ දී ම පන්දුව දැඩි දග කැවීමක් දක්නට ලැබුණා.

එමෙන්ම ඇතැම් අවස්ථාවල පන්දුව පහළින් ගමන් කළ අතර, ඇතැම් පන්දු අපේක්ෂා නොකළ මට්ටමට වඩා ඉහළින් ගමන් කරනු ද දක්නට ලැබුණා.

ඉන්දීය පළමු ඉනිමේ දී සිය අර්ධ ශතකය වාර්තා කිරීමෙන් පසුව ෂ්රෙයස් අයියර් එය සමරනු ලැබුවේ ශතකයක් වාර්තා කළ අයුරින්.

පළමු දිනයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී ඒ සම්බන්ධයෙන් ද ඔහු අදහස් පල කළා.

“කණ්ඩායම ගැන බැලුවොත් අපි සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් රැස් කරලා තියෙනවා. 250ක් කියන්නේ හොද ලකුණු සංඛ්‍යාවක්. ඇත්තටම මට කණගාටුවක් නැහැ (ශතකය අහිමි වීම ගැන) මම ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කරනකොට මම ක්‍රීඩා කරන්නේ කණ්ඩායම වෙනුවෙන්, මම වෙනුවෙන් නෙවෙයි. ඒ අර්ධ ශතකය, ශතකයක් වගේ (මෙම තණතීරුව තුළ). ඒකයි මම ශතකයක් වාර්තා කළා වගේ අර්ධ ශතකය සැමරුවේ”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...