Watch : ලොව අංක එකේ පිතිකරු ලබුෂේන් ලකුණු බින්දුවකට දුවද්දී දැවී ගිය හැටි

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(12) කරච්චි හි ජාතික ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව දිවා ආහාරය සදහා තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 100ක්.

ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 82කට සීමා කරමින් ඩේවිඩ් වෝනර් ලකුණු 36කට දැවී ගියා.

ඒ, ෆහීම් අශ්රෆ් යොමු කළ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

අනතුරුව පිටියට පිවිසි ලොව අංක එකේ ටෙස්ට් පිතිකරු මර්නස් ලබුෂේන් ලකුණු නොලබා සිටියදී දැවී යාම විශේෂත්වයක්.

ඔහු දුවද්දී දැවී යාමකට හසු වූයේ සජිඩ් ඛාන් විසින් කෙළින්ම කඩුල්ල වෙත පන්දුව විසි කිරීමට සමත් වීම හේතුවෙන්. (දර්ශන පහතින්)

උස්මාන් කවාජා නොදැවී ලකුණු 52යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...