ශ්‍රී ලංකා කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙකු පත් කෙරේ

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික Anton Roux පත් කර තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ නොටින්හැම්ෂයර්හි පුහුණුකරුවෙකු ලෙස මෙතෙක් කටයුතු කළ ඔහු මීට පෙර නෙදර්ලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද, නවසීලන්ත A කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කර තිබුණා.

“ශ්‍රී ලංකාවේ ලද අවස්ථාව විශාල නව අභියෝගයක් වගේම මගේ පවුලේ සාමාජිකයින්ට සහ මට අලුත් දෙයක් අත්විඳීමට ලැබුණු අවස්ථාවක්.” යනුවෙන් Anton Roux සදහන් කළා.

“සෑම ක්‍රීඩකයෙක්ම සහ පුහුණුකරුවෙක්ම ඉහළම මට්ටමේ කටයුතු කිරීමට සිහින දකිනවා. මෙවැනි අභිමානවත් ක්‍රිකට් රටක් සදහා ජාත්‍යන්තර වේදිකාවේ තරඟ කිරීමට උදව් කිරීම ආරම්භ කරන තුරු මම නොඉවසිල්ලෙන් බලා සිටිනවා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...