පැතුම්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වන ලකුණු

Date:

ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු පැතුම් නිස්සංකට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව වාර්තා වනවා.

පුහුණුවීම් අතරතුර දී ඔහු පිට කොන්දේ ආබාධයකට ලක්වීම හේතුවෙනුයි ඔහුට එම තරගය අහිමි වීමේ අවධානමක් මතුව ඇත්තේ.

නිමා වූ පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී අර්ධ ශතකයක් වාර්තා කළ පැතුම් නිස්සංක මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින සාර්ථකම පිතිකරුවෙකු බවට පත්ව සිටින බැවින් ඔහුගේ අහිමි වීම කණ්ඩායමට ප්‍රබල බලපෑමක් එල්ල කරනු ඇති.

ඔහු වෙනුවට කුසල් මෙන්ඩිස් දෙවැනි ටෙස්ට් තරගය සදහා කැදවීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

පළමු ටෙස්ට් තරගයේ දී පාදයක ආබාධයකට ලක් වීම හේතුවෙන් ළහිරු කුමාරට ද දෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ අනුව ඔහු වෙනුවට දුෂ්මන්ත චමීර බොහෝ විට කණ්ඩායමට ආදේශ කරනු ඇති.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 12 වනදා බැංගලූරුහී දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...