ජඩේජා ලෝකෙන්ම එක වෙයි

Date:

නවතම අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණ යළි හිමි කර ගැනීමට ඉන්දියාවේ රවීන්ද්‍ර ජඩේජා සමත්ව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී ඔහු තුන් ඉරියව්වෙන් දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන්.

එම තරගයේ දී ජඩේජා ලකුණු 175ක් නොදැවී රැස් කළ අතර, පන්දු යැවීමේ දී පළමු ඉනිමේ දී කඩුලු 5ක් හා දෙවැනි ඉනිමේ දී කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.

මෙතෙක් තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසු වූ කොදෙව් දූපත්හි ජේසන් හෝල්ඩර් දෙවැනි ස්ථානය දක්වාත්, දෙවැනි ස්ථානයේ පසු වූ ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් තෙවැනි ස්ථානය දක්වාත් පසු බැස තිබෙනවා.

මේ අතර, ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු පස් දෙනා අතරට යළි පිවිසීමට ඉන්දියාවේ විරාට් කෝලි සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී වේගවත් ලකුණු 96ක් රැස් කළ රිෂාබ් පාන්ට් පිතිකරුවන් අතර 10 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය අද(9) නිවේදනය කළේ.

ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් පෙරමුණේ පසුවන්නේ ඔස්ට්‍රේලියාවේ මර්නස් ලබුෂේන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...