බෙයාර්ස්ටව්ගේ ශතකය හමුවේ එංගලන්තය යළි සටනට අවතීර්ණ වෙයි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මෙරට වේලාවෙන් අද(9) අලුයම නිමා වුණා.

ඒ වන විට ඇන්ටීගාහි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 268ක් ලබා සිටියා.

එංගලන්ත මුල් පෙළ පිතිකරුවන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට කොදෙව් පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නෑහෑ.

මුළු ලකුණු පුවරුව 48 ක්ව තිබියදී එංගලන්ත කණ්ඩායමේ කඩුලු 4 ක් දවා ගැනීමට කොදෙව් පන්දු යවන්නන් සමත්වුණා.

මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන 28 හැවිරිදි ඇලෙක්ස් ලීස් ලකුණු 4 කට දැවී ගිය අතර, සැක් ක්‍රව්ලි ලකුණු 8 කටත්, ඩෑන් ලෝරන්ස් ලකුණු 20 කටත්, ජෝ රූට් ලකුණු 13 කටත් දැවී ගියා.

බෙන් ස්ටොක්ස් ලකුණු 36ක් හා බෙන් ෆෝක්ස් ලකුණු 42ක් ලබා ගනිමින් බිද වැටුණු එංගලන්ත ඉනිම ශක්තිමත් කළා.

සිය 8 වන ටෙස්ට් ශතකය වාර්තා කළ ජොනී බෙයාර්ස්ටව් නොදැවී ලකුණු 109ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඔහුගේ ඉනිමට හතරේ පහර 17ක් ඇතුළත්.

ක්‍රිස් වෝක්ස් නොදැවී ලකුණු 24යි.

පන්දු යැවීමේ දී කෙමා රෝච්, ජෙයිඩ්න් සීල්ස් හා ජේසන් හෝල්ඩර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...