ක්‍රිකට් නීති රැසක් සංශෝධනය කෙරේ

Date:

ක්‍රිකට් නීති කිහිපයක් සංශෝධනය කිරීමට මාරිලිබෝන් ක්‍රිකට් සමාජය තීරණය කර තිබෙනවා.

නව නීති මෙම වසරේ ඔක්තෝබර් පළමු වැනිදා සිට බලපැවෙත්වෙන බවයි ක්‍රිකට් නීති භාරකරුවා ලෙස කටයුතු කරන මාරිලිබෝන් ක්‍රිකට් සමාජය සදහන් කළේ.

නව නීති ප්‍රකාරව පිතිකරුවකු උඩ පන්දුවක් ලබා දී දැවී ගියහොත් ඔහු වෙනුවට පැමිණෙන නව පිතිකරුවා ඊළග පන්දුවට මුහුණ දිය යුතු වනවා.(පන්දුවාරයක නිමාව සිදු නොවන්නේ නම් පමණක්)

මේ වන විට පවතින නීතිය අනුව පිතිකරුවකු උඩ පන්දුවක් ලබා දී දැවී යන අවස්ථාවක උඩ පන්දුව රැක ගන්නා අවස්ථාවේදී පිතිකරුවන් දෙදෙනා ලකුණක් කරා දිව යමින් එකිනෙකා පසුකර සිටියහොත් නව පිතිකරුවා වෙනුවට පිටියේ රැදී සිටි අනෙක් පිතිකරුවා ඊළග පන්දුවට පහර දිය යුතුයි.

මේ අතර, පන්දුව යොමු කිරීමට පෙර පන්දු යවන්නාගේ අන්තයේ රැදී සිටින පිතිකරු සීමා ඉර ඉක්මවා ගොස් ඇති අවස්ථාවක පන්දු යවන්නා විසින් කඩුල්ල බිද දමමින් මැන්කඩින් ක්‍රමවේදය යටතේ පිතිකරුවා දවා ගන්නා අවස්ථාව දුවද්දී දැවී යාමේ නීති කාණ්ඩය වෙත (38 වන නීති කාණ්ඩය) ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙතෙක් එය පැවතුනේ 41 වන නීති කාණ්ඩය හෙවත් ‘අසාධාරණ ක්‍රීඩාව’ නම් නීති කාණ්ඩයේ යි.

එමෙන්ම කොවිඩ් 19 වසංගතයත් සමග පන්දුව දෝලනය කිරීම සදහා පන්දුවට කේඨය (කෙල) යොදා ගැනීමට එරෙහිව පැනවුණු තාවකාලික තහනම ස්ථීර තහනමක් බවට පත් කිරීමටද තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී පන්දුවට කේඨය තැවරීම පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමට ගන්නා තහනම් ක්‍රියාවක් වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...