Watch : පන්දුව නිදැල්ලේ යැවූ රූට්ට වුණ දේ

Date:

එංගලන්ත කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් ටෙස්ට් තරග සංචාරය අද (08) මෙරට වේලාවෙන් පස්වරු 7.30 ට ඇන්ටිගා හී ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක ජෝ රූට් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත මුල් පෙළ පිතිකරුවන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට කොදෙව් පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නෑහෑ.

මුළු ලකුණු පුවරුව 48 ක්ව තිබියදී එංගලන්තයේ කඩුලු 4 ක් දවා ගැනීමට කොදෙව්වන් සමත්වුණා.

මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන 28 හැවිරිදි ඇලෙක්ස් ලීස් හට රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 4 ක් පමණයි.

සැක් ක්‍රව්ලි ලකුණු 8 කටත්, ඩෑන් ලෝරන්ස් ලකුණු 20 කටත් දැවී ගියා.

සුපිරි පිතිකරු ජෝ රූට්ට රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 13 ක් පමණයි. ඔහු දැවී ගියේ කෙමාර් රෝච් යොමු කළ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...