පතරොම් දෙකක් ශ්‍රී ලංකා කණ්ඩායමේ බසයට ආවේ කොහොමද?

Date:

ඉන්දීය තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ප්‍රවාහනය කිරීම සදහා ලබා දී තිබූ පෞද්ගලික බස් රථයක තිබී හිස් පතරොම් දෙකක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චන්දිගා පොලීසිය විමර්ශන සිදු කරනවා.

ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින හෝටලයේ සිට මොහාලි ක්‍රීඩාංගනය දක්වාත්(පුහුණුවීම් කටයුතු සදහා), යළි හෝටලය දක්වාත් ක්‍රීඩකයින්ව ප්‍රවාහනය කිරීම සදහා යොදා ගන්නා බස් රථයකයි අදාළ හිස් පතරොම් දෙක තිබී ඇත්තේ.

පොලිස් නිළධාරීන් විසින් සිදු කළ පරීක්ෂාවකදී එම පතරොම් දෙක සොයා ගෙන තිබුණා.

එම අවස්ථාවේ දී බස් රථය හෝටල් සංකීර්ණයේ ගාල් කර තිබී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් මේ වන විටත් බස් රථ රියදුරුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

සිදු කෙරුණු මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අදාළ බස් රථය මෑතකදී විවාහ උත්සවයක් සදහා ලබා දී ඇති බවටයි.

විවාහ උත්සවයේ සැමරුම් සදහා යොදා ගැනීමෙන් පසුව එම හිස් පතරොම් දෙක බස් රථයේ දමා යන්නට ඇති බවට විශ්වාස කෙරෙනවා.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර 20යි 20 තරගවලිය ඊයේ ධරම්ශාලා හී දී අවසන් වූ අතර, ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් චන්දිගා හි රැදී සිටින්නේ ටෙස්ට් තරගාවලියට සූදානම් වීමේ අරමුණින්.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 4 වැනිදා මොහාලි හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...