චන්දිමාල් හා ඉෂාන් රෝහල් ගත කෙරේ

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඊයේ(26) ඉන්දියාව සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී සිදු වූ මහපටගිල්ලක ආබාධයක් හේතුවෙන් ඔහුව එලෙස රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කඩුලු රකිමින් සිටියදී චන්දිමාල් එම ආබාධයට ලක්ව තිබුණා.

පූර්වාරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස ඔහුව එලෙස රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබූ නමුත්, ඔහුගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව සදහන්.

මේ අතර, ඉන්දීය ආරම්භක පිතිකරු ඉෂාන් කිෂන් ද ඊයේ තරගයේ දී පන්දුවක් හිසේ වැදීමෙන් සිදු වූ අනතුර හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

ඔහුගේ හිසෙහි සී ටී ස්කෑන් පරීක්ෂණයක් ද සිදු කර ඇති බවත්, වෛද්‍ය අධීක්ෂණය යටතේ ඔහු පසුවන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළා.

පිතිකරණයේ නිරතව සිටියදී ඉෂාන් කිෂන් මෙම අනතුරට මුහුණ දුන්නේ ලහිරු කුමාර යොමු කළ කෙටි පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන්.

ඒ අනුව අද(27) පැවැත්වෙන තෙවැනි හා අවසන් 20යි 20 තරගය සදහා ඉෂාන් කිෂන්ට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා ලෙස සංජු සැම්සන් කටයුතු කිරීමට ඉඩ පවතිනවා.

එසේ වුවහොත් මයාන්ක් අගාර්වල් ආරම්භක පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට එක්වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...